තමන් රියදුරු ආසන්නයේ එන්ජින් කවරය ගමන් කල බවත් තිරිංග ක්‍රියා විරහිතව ඇති බව පැවසුවද අනෙක් අය එය එතරම් නොතකු බවත් ඔහු පැවසුවේය.
නමුත් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඉන් අනතුරුව ඉදිරියෙන් පැමිණි ජීප් රථයේද වැදී බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය බවත් ඔහු සඳහන් කළේය.
තමන්ද සිහිසුන්ව සිටි බවත් සිහිය පැමිණි පැමිණියේ රෝහල් ගත කලාට පසු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
අනතුරෙන් දිවි ගලවා ගත් කාන්තාවක් පැවසුවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වූ බැවින් පහළට ගොස් තදින් අල්ලාගෙන සිටින්නැයි බස් රථයේ කොන්දොස්තර කෑ ගැසූ බවය.
ඒ සමගම බස් රථය විශාල ශබ්දයක් සමඟ දෙවරක් ආරක්ෂිත වැටේ ගැටී ප්‍රපාතයකට පෙරළුණු බවත් ඇය පැවසීය.
respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/
Tags
srilankan news