ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරලී යාමෙන් එහි සිටි පිරිස් බේරා ගැනීම සඳහා මැදිහත් වූ හමුදා නිලධාරියකුද තුවාල ලබා මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
බස් රථයේ සිටි පිරිස් බේරා ගැනීම සඳහා ප්‍රපාතයට බැසීමේදී ඉහළට තිබී තිබූ ගලක් ඔහුගේ හිස මතට වැටීමෙන් ඔහු තුවාල ලබා තිබේ.
එම තත්වය යටතේදීද ඔහු තුවාල ලද අය තිදෙනෙක් ප‍්‍රපාතයෙන් ඉහලට ගෙනැවිත් ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.
ඔහු රෝහලේදී මාධ්‍ය වෙත කියා සිටියේ තමන් නිසා ජීවිත කීපයක් හරි බේරගැනීමට හැකි වීම සතුටක් බවයි.
2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාර නම් එම නිලධාරියා ඒවන විට රාජකාරීන් බැහැරව නිවාඩු ලබා සිටි අයෙක් බව සඳහන් වෙයි.
respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/
Tags
srilankan news